මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවාස පරිශ්රයක සගවා තිබූ මෝටර් රථයක් සහ ජීප් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
රුපියල් කෝටි 6කට වැඩි වටිනාකමින් යුත් මෙම වාහන දෙක ලියාපදිංචිකර නැති බවත් කිසිදු ලියකියවිල්ලක් ඉදිරිපත් නොකළ බවත් පොලිසිය පවසනවා.
තීරු බදු නොගෙවා වරායෙන් රහසිගතව මෙම වාහන පිටකර ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.
පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ බෑනා කෙනෙකුවන රථවාහන අලෙවි කරුවෙකුගේ පුත්‍රයෙකුට අයත් නිවාස සංකීර්ණයක තිබී මෙම වාහන සොයා ගනු ලැබුවේ.