හිස්බුල්ලා සටන්කාමීන්ගේ ආර්ථික වටිනාකමින් යුතු මර්මස්ථාන වලට පහර දෙන බවට ඊශ්රායලය අනතුරු අඟවනවා.
ඊශ්රායලය බීරූට් සහ දකුණු ලෙබනනයේ පිහිටි හිස්බුල්ලා සංවිධානයට සහාය දෙන බැංකුවක ශාඛා ඇතුළු තවත් ගොඩනැගිලි රැසකට ගුවන් ප්රහාර එල්ල කර තිබෙනවා.
එම බැංකුවට ලෙබනනය පුරා ශාඛා 30 කට වඩා ඇති අතර, බීරූට්හි ජනාකීර්ණ ප්රදේශවල ශාඛා 15 ක් පිහිටා තිබෙනවා.
එමෙන්ම හිස්බුල්ලා සංවිධානය පාලනය කරන ප්රදේශයක් වන දකුණු බෙයිරුට් හි දාහියේ දිස්ත්රික්කයේ මෙන්ම බෙකා නිම්නය ආශ්රිත ප්රදේශ වල ද පිපිරීම් සිදුව තිබෙනවා.
එම ප්රහාර වලින් ජීවිත හානි සිදුවී ඇත්ද යන්න වාර්තා වී නැහැ.