ව්‍යාජ දුරකතන ඇමතුම් ලබාදී වංචා සහගත ලෙස මුදල් ලබා ගන්නා පුද්ගලයින්ට නොරැවටෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ 9කට පමණ ව්‍යාජ ඇමතුම් ලබාදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අනතුරකට ලක්ව ඇති බව පවසා ඊෂි කෑෂ් ක්‍රමයට මුදල් එවන ලෙස දැනුම් දී තිබෙනවා.
ඇතැම් ස්ථානවලින් මුදල් ලබාදීම් ද සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
සංවිධානාත්මක පිරිසක් වසර ගණනාවක සිට මෙම ජාවාරම සිදුකරගෙන යන බවයි මේ වන විට හෙළිවී ඇත්තේ.
එසේ දුරකතන ඇමතුම් ලබාදෙන පුද්ගලයින් ගරාජයක හිමිකරුවෙකු අනතුර සිදුවූ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙකු ලෙස හෝ විශේෂිත පුද්ගලයෙකු ලෙස අගවා විශ්වාසය ගොඩනගාගනිමින් මෙම ජාවාරම සිදුකරන බවයි පොලිසිය පවසන්නේ.
මෙවැනි වංචනික පුද්ගලයින්ට හසු නොවන ලෙසත් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසත් පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.