වංචනිකයින්ගෙන් සහ දූෂිතයින්ගෙන් තොර පිරිසිදු පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමේ මහා ශ්‍රමදානයට නොවැම්බර් 14 වනදා එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියා.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ සමස්ත රාජ්‍ය සේවයම ඩිජිටල් කරමින් ජනතා සේවා වේගවත් කරන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
මහ මැතිවරණයේ දී ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කළ දෙවන ජන රැළිය කටුනායකදී පැවැත්වුණා.
ඒ ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
රට හදන මාලිමාවේ අපි එකට යන තේමාවෙන් රැළිය සංවිධාන කර තිබුණා.
ජාතික ජනබලවේගයේ අපේක්ෂකයන්, පක්ෂ ක්‍රියාකාරීන් මෙන්ම අති විශාල පිරිසක් ක් ජන රැළියට එක්ව සිටියා.
අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී ප්‍රකාශ කළේ පිරිසිදු දේශපාලනය අනුමත කරන ජනතාව යළි යළිත් රට ගොඩනැගීමේ බලය ජාතික ජනබලවේගයට ලබා දෙන බවයි.