අපරාධ 14ක් සඳහා චෝදනා ලබා සිටින සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැණුනා.
ඒ පෑලියගොඩ ප්‍රදේශයේ කළ වැටලීමකදීයි.
පෑලියගොඩ ප්‍රදේශයේ දී සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකු පරීක්ෂා කෙරුණා.
ඔහු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 200ක් සොයාගෙන තිබෙනවා.
එම සැකකරු වයස අවුරුදු 23ක් වන නෙල්ලිගහවත්ත පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු පිළිබඳ කළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ විෂ මත්ද්‍රව්‍ය වලට දැඩිව අබ්බැහිවූ පුද්ගලයෙකු බවයි.
අපරාධ නඩු 5ක් සඳහා මොහුට විවෘත වරෙන්තු නිකුත්වී ඇති අතර ඇගිලි සටහන් මගින් හඳුනාගත් අපරාධ 14ක් සඳහා ද අවශ්‍යව සිටි සැකකරුවෙකු බවයි පොලීසිය පවසන්නේ.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ විෂ මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් උපයා ගැනීම සිදුකර ඇත්තේ නිවාස , වෙළෙඳසැල් හා පාසල් බිද සොරාගත් දේපල අලෙවි කිරීමෙන් බවයි.
කොටුව , ග්‍රෑන්ඩ්පාස් , පමුණුගම ,පෑලියගොඩ , ජාඇල , වැල්ලම්පිටිය, වත්තල,කැලණිය ,රාගම, කිරිබත්ගොඩ ඇතුළු ප්‍ර දේශ රැසක වෙළෙඳසැල් හා නිවාසවල දේපල මෙම සැකකරු සොරකම් කර ඇති බවටද අනාවරණය වී තිබෙනවා.