ගම්පහ ප්‍රදේශ කිහිපයක මංකොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණ සිදු කළ බව කියන දැනට පොලිස් අත් අඩංගුවේ පසුවන ඥාතී පුතකු සහ බාප්පා යැයි කියන දෙදෙනා විසින් දිවයිනෙහි විවිධ ප්‍රදේශයන්හිදී ස්ත්‍රී දූෂණ , ඝාතන , මංකොල්ලකෑම් ඇතුලු අපරාධ 14 ක් සිදු කොට ඇති බවට තොරතුරු අනාවරණයවීම මත ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළා.
මල්වතුහිරිපිටිය පොලීසිය මගින් පසුගියදා මොවුන් දෙදෙනා මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජනතාව භීතියට පත් කරමින් මෙවන් අපරාධ සිදු කළ මොවුන් කෙටි කලක් තුල අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.
දැනට අධිකරණය මගින් ලබාගත් රැඳවුම් නියෝග මත රඳවා ගනිමින් වැඩි දුර ප්‍රශ්න කෙරෙන මොවුන් , අවුරුදු 21 සහ 47 හැවිරිදි සැකකරුවන් ඉකුත් 15 වෙනි දින අත් අඩංගුවට ගෙන ඇත්තේ මුහුණු ආවරණය කොට නින්ජා ආකාරයේ ඇදුමින් සැරසී තවත් අපරාධයක් සුදානම් වෙමින් සිටියදී.
මෙලෙස අත් අඩංගුවට ගත් අවස්ථාවේදී පිහි , උල් ආයුධ , ජීව අත් බෝම්බයක් සහ නිවාසවල ජනෙල් ගැලවීමට අවශ්‍ය උපකරණ සහ අයිස් මත්ද්‍රව්‍යද සොයා ගෙන තිබෙනවා.
අනතුරුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී රන් භාණ්ඩ ඇතුලු සොරාගත් භාණ්ඩ කිහිපයක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.
ස්ථිර පදිංචියක් නොමැති මෙම සැකකරුවන් දෙදෙනා මල්වතුහිරිපිටිය, වැලිවේරිය , දොම්පෙ , ඇහැලියගොඩ සහ කිරිඇල්ල යන ප්‍රදේශයන්හිදී කොල්ලකෑම් , ස්ත්‍රී දූෂණ සහ ඝාතන සිදු කොට ඇති බවට සැක කෙරෙනවා.
මේ අතර කිරිඇල්ල ප්‍රදේශයේදී 74 හැවිරිදි කාන්තාවක් දූෂණය කොට ඝාතනය කිරීමේ සිද්ධියටද මොවුන් සම්බන්ධ බවටද සැක කෙරෙන අතර ඒ ඔස්සේද පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවා.