මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය පෙන්වා දෙනවා .
එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර සිටියේ එසේ නොවුණ හොත් පසුගිය ජනාධිපතිවරණයේදී ආදායම් වියදම් වාර්තා ලබාදීමේදී ඇතැම් අපේක්ෂකයින්ට සිදුවු අපහසුතාවලට මෙම අපේක්ෂකයින්ට ද මුහුණ දීමට සිදුවිය හැකි බවයි .
එමෙන්ම මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළේ මැතිවරණයේදී ආදායම් වියදම් වාර්තා නිසිපරිදි ලබා නොදුනහොත් හෝ නැතිනම් අසත්‍ය තොරතුරු ඇතුළත් කළොත් අධිකරණ ක්‍රියාවලියක් තුළින් දේශපාලන අයිතිය වසර 3කට අහිමි විය කළ හැකි බවයි .