ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අතිරේක දිනය අද(18) දිනයේ ක්රියාත්මකයි.
පසුගිය 14 වන දින තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වූ රාජ්ය සේවකයින්ට අද (18) දිනයේදි තැපැල් ඡන්දය සලකුණු කිරිමේ හැකියාව පවතින බව ගාල්ල දිස්ත්රික් මැතිවරණ සහකාර කොමසාරිස් ඩබ්ලිව්.එච්.ආර්. විජයකුමාර මහතා සඳහන් කළා.
ඒ අනුව දිස්ත්රික් කාර්යාලයේදී රාජ්ය සේවකයන්ට තැපැල් ඡන්දය සලකුණු කළ හැකියි.