රාජ්‍ය ආයතන විකිණිමේ දී ඒවායේ ඇතැම් වටිනාකම් මුදල් අමාත්‍යාංශ වාර්ෂික වර්තාවලට ඇතුළත් වී නොමැති බව හෙළිදරව් වී තිබෙනවා.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් ප්‍රමාණය පවා කොතරම් ද යන්න එමගින් නිසියාකාරව හෙළිවී නැති බවයි තොරතුරු වාර්තා වන්නේ.
රාජ්‍ය ආයතන අලාභ ලබන තැනට පත්කර විකුණා දැමීම එක් යුගයක ප්‍රධාන ආර්ථික මූලෝපාය වී තිබුණා.
එම මූලෝපාය වලංගු නොවන බව තහවුරු වී බොහෝ කල්.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණා දැමීමට පසුගිය රජයෙන් දැරූ ප්රයත්නය සම්පුර්ණයෙන්ම බිද වැටුණා.
` එම යුගය කඩිනමින් අවසන් කර ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමටත් විවිධ ක්‍රම සහ විධි යොදා ගනු ලැබුවා .
ඒ ක්‍රම සහ විධි අතර මුලින්ම තිබුණේ අලාභ ලබන ආයතන කිහිපයක් විකුණා දමන බව දක්වමින්.
නමුත් ඒ තුළ ලාභ ලබන ආයතනයන් පවා දක්වා තිබුණා.
මෙහි සැගවුණු ඇත්ත අරමුණ වී තිබුණේ ලාභ ලබන ආයතන විකිණිමයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් වගේම රක්ෂණ සංස්ථාවත් විකුණා දැමීමට මෑත කාලයේ නොගත් උත්සාහයක් නොමැති තරම් .
විශේෂයෙන් රක්ෂණ සංස්ථාව මූල්‍ය ක්ෂේත්රයෙනුත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙනුත් රටට ඉතා වැදගත් තැනක් හිමිව තිබෙනවා .
ශ්‍රී ලංකා ටෙලිකොම්වල වැඩි කොටස් අයිතිය රජය සතුයි
එනම් රාජ්‍ය හිමිකාරිත්වය සියයට 50යි දශම 2කයි තුනයි.
නමුත් මෙම ප්‍රතිශතයට අදාළ කොටස් ප්‍රමාණය කොතරම් ද යන්න විගණකාධිපතිවරයාට පවා හෙළිකර නොමැති බවයි වාර්තා වී ඇත්තේ .
රජය සතු කොටස්වල වටිනාකම රුපියල් මිලියන 1271ක් .
විගණකාධිපතිවරයා 2024 මැයි 31 වනදා මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවට එක්කළ වාර්තාවකින් ඉතා වැදගත් තොරතුරක් හෙළිකර තිබෙනවා
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් ප්‍රමාණය 50.23%ක් වෙනුවට එහි හිමිකාරිත්වය 49.5%ක් ලෙස දැක්වීමෙන්.
මෙහි ඇත්තේ 0.73%ක්.
නමුත් මෙම දශම ගණනක වෙනස තුළින් කොතරම් මහා පරිමාණ මූල්‍ය අපරාධයක් කළ හැකි ද? කොටස් ප්‍රමාණය සගවන්නේ ඒ වෙනුවෙන් .