ඌරන් අතර මේ දිනවල පැතිර යන වෛරසය හේතුවෙන් ඌරු මස් ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන වන ලෙස මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ජනතාවට දැනුම් දෙනවා .
හඳුනා නොගත් වෛරසයක් හේතුවෙන් අනුරාධපුර උරුක්කුලම ප්‍රදේශයේ ගොවිපලවල ඌරන් මියයමින් සිටින බවයි සත්ත්ව ගොවීන් පවසන්නේ
වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එන්නත් ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා.
වෛරසය වැළදීමෙන් පසු දින දෙකකින් පමණ සත්ත්වයින් මිය යන බවයි සත්ත්ව ගොවීන් චෝදනා කරන්නේ.
මේ පිළිබඳව ප්‍රදේශයේ පශු වෛද්‍යවරුන් දැනුවත් කර ඇති අතර වෛරසය පිළිබඳ පරීක්ෂණ පවත්වා මෙම සත්ත්වයින් බේරාගැනීම සඳහා අදාළ අංශ කඩිනමින් කටයුතු කළ යුතු බවයි සත්ත්ව ගොවීන් පවසන්නේ.
මේ වන විට වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එම වෛරසය නොවළදුනු ඌරන් වෙත එන්නත් ලබාදීමට පියවර ගෙන තිබෙනවා . .