උතුරු නයිජීරියාවේ – මාජියා නගරයේ දී ඉන්ධන බවුසරයක් පෙරළී ගොස් ගිනිගෙන සිදුවු අනතුරකින් පුද්ගලයන් 94 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
මෙම අනතුරින් තවත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .
බවුසරයේ වේගය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව ඇති අතර, අවට සිටි පිරිස රැස්වී ඉන්ධන එක්රැස් කරමින් සිටියදී ගින්න හටගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .