අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කිරීම පිළිබද නිර්ණායක සංශෝධනයට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.
ඒ හා සම්බන්ධ ආයතන ව්‍යුහය වෙනස් කිරීම පිළිබඳවද සාකච්ඡා ආරම්භ වී ඇති බවයි එම අධිකාරිය අවධාරණය කරන්නේ .
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් සතිපතා නිකුත් කරනු ලබනවා.
වෙළඳපොළේ සිදුවන උච්චාවචයනයන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණක් බවයි සඳහන් වන්නේ .
සාධාරණ මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාව අතට පත්කිරීම මෙහි තවත් අරමුණක්.
මේ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය පෙරේදා දිනයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 19ක මිල ගණන් මෙලෙස නිකුත කර තිබුණා.
එය ලබන 20 වනදා දක්වා බලාත්මකයි.
ඒ අනුව තිරිගු පිටි කිලෝ ග්‍රෑමයක ඇස්තමේන්තු සිල්ලර මිල රුපියල් 150ත් 175ත් අතර වනවා.
සුදු සීනි කිලෝවක මිල පවතින්නේ රුපියල් 236ත් 264ත් අතර මිලකටයි.
පරිප්පු රුපියල් 275ත් 314ත් අතර පරාසයක පවතින අතර ආනයනික අර්තාපල් කිලෝවක මිල පවතින්නේ රුපියල් 175ත් 220ත් අතර මිලකටයි.
සුදු කැකුලු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 195ත් 210ත් අතර මිලකටත් රතු කැකුලු සහල් රුපියල් 184ත් 200ත් අතර මිලකට අලෙවි කළ යුතු වනවා.
බ්‍රොයිලර් කුකුලු මස් සම සහිත කිලෝවක මිල වන්නේ රුපියල් 780ත් 964ත් අතර මිලකටයි.
මේ අතර අප කළ විමසීමකදී පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශය වෙළඳ අමාත්‍යාංශය හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් මේ දක්වා මිල පරාසයන් නිකුත් කළ බවයි.
එම කමිටු නිලධාරීන් ඊයේ රැස් වී සාකච්ඡා කළ අතර එහිදී මිල පරාසයන් නිකුත් කිරීම සඳහා ගනු ලබන නිර්ණායකයන් වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.
එසේම මෙම කමිටුව නියෝජනය කරන ආයතන පිළිබදව සාකච්ඡා කළ අතර තවත් ආයතන ඊට ඇතුලත් කළ යුතු ද යන්න දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.
මෙමගින් මිල ගණන්වල සහනයක් පාරිභෝගිකයින්ට ලබාදීමට හැකිවනු ඇති බවට එම කමිටුව බලාපොරොත්තු වනවා.
එම කමිටුවේ තවත් සාකච්ඡාවක් ලබන සිකුරාදා පැවැත්වෙන බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය අප කළ විමසීමකදී සඳහන් කළේ.