ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුලු දෙදෙනෙකු ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද යළි ප්රතික්ෂේප කළා.
වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අර්ජුන ඇලෝසියස්ට මේ වන විට මාස 6ක සිරදඬුවම් නියම කර තිබෙනවා.
රජයට අයවිය යුතු රුපියල් බිලියන තුනයි දශම පහක වැට් බදු මුදල් ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබු නඩුවක් විභාග කිරිමෙන් පසුවයි අර්ජුන් ඇලෝසියස් ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව මෙම තීන්දුව ප්රකාශය පත්කෙරුණේ.
තමන්ට නියම වූ සිර දඩුවම නිශ්ප්රභ කරන ලෙස ඉල්ලා අර්ජුන් ඇලෝසියන් ඇතුළු වගඋත්තරකරුවන් කොළඹ මහාධිකරණයට යොමුකිරීමට භාරදුන් අභියාචනය ද කොළඹ මහේස්ත්රාත් අධිකරණය ප්රතික්ෂේප කළා.
අද දිනයේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසික් සාරුක් මහතා කියා සිටියේ විත්තකරුවන්ට එරෙහි නඩුකරය මේ වන විට අපරාධමය නඩුකරයක් බවට පත්ව ඇති බැවින් ඔවුන් ඇප මත මුදා හරින ලෙසයි.
තීන්දුව ප්රකාශයට පත්කළ අතිරේක මහේස්ත්රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා සඳහන් කළේ මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සහතිකයක් මත ඉදිරිපත් කළ නඩුවක් බවයි.
වගඋත්තරකරුවන්ට නියම කර ඇත්තේ විකල්ප දඬුවමක් වන බැවින් අපරාධ නඩුකරයක් බවට පත් නොවන නිසා ඇප ඉල්ලීම ප්රතික්ෂේප කරන බව ද මහේස්ත්රාත්වරයා කියා සිටියා.