රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කුඩු සලිදුගේ ගෝලයෙකු වන හපුතන්ත්රීගේ දොන් පියුම් හස්තික හෙවත් පියුමා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
කොටුව මහේස්ත්රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.
සැකකරු අපරාධකල්ලි රැසක් සමග සෘජුවම සම්බන්ධතා පවත්වා ඇති බවට විමර්ෂණවලදී අනාවරණය වී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ.
තවදුරටත් ඒ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ෂණයක් සිදුකරන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පවසා සිටියේ.
ඉල්ලීම සලකා බැලු මහේස්ත්රාත්වරිය සැකකරු ලබන 30 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.