අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල ඊයේ (14) සහ අද (15) දිනවල වසා දැමුණු පාසල් හෙට (16) දිනයේ යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබෙනවා .
එමෙන්ම අවතැන් වූවන් සඳහා කඳවුරු ලෙස භාවිත කරන පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත පවරා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ .