පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් සහ බස්රථ ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය මේ වන විට යොමු කර ඇති අතර ඉදිරි සති දෙක තුළ වාර්තාවක් කැඳවා මේ සම්බන්ධයෙන් තීරණය කරන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා .
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.
එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ, ආණ්ඩුව ඉන්ධන මිල අඩු කළද පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් සහ බස් රථවල ගාස්තු අඩු කර නොමැති බවයි.
ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත වාර්තාවක් කැඳවා මේ සම්බන්ධයෙන් තීරණය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියා .