අඩු පීඩන කලාපය දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය දෙසට ගමන් කිරීම හේතුවෙන් මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම මුහුදු ප්‍රදේශ දැඩි ලෙස රළු වන බැවින් නැවත දැනුම් දෙන තුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙසයි දැනුවත් කෙරෙන්නේ.
මේ අතර අයහපත් කාලගුණ හේතුවෙන් පීඩාවත් පත් සංඛ්‍යාව එක්ලක්ෂ පනස්හතරදහස් හත්සිය අසූදෙකක්.
මිය ගිය සංඛ්‍යාව 3ක් බවයි ආපදා අංශ සදහන් කළේ.
බස්නාහිර / සබරගමුව / වයඹ / උතුර යන පළාත්වලට සහ ගාල්ල / මාතර / ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට තවදුරටත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
බෙංගාලබොක්ක ආශ්රිත පැවති අඩු පීඩන කලාපය දිවයිනෙන් බැහැරට ගමන් කරමින් ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය දෙසට ඇදී යමින් පවතිනවා.
ඒ හේතුවෙන් මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි මෙන්ම තද සුළං ඇති වන බවයි කාලගුණ අංශ දැනුම් දෙන්නේ.
අයහපත් කාලගුණයෙන් දිවයිනේ දිස්ත්‍රික් 13කට බලපෑම් එල්ල වුණා.
කළුතර / රත්නපුර / කොළඹ / ගම්පහ / කෑගල්ල / ගාල්ල / කුරුණෑගල / පුත්තලම / මහනුවර / කිලිනොච්චිය / පොලොන්නරුව / යාපනය හා හම්බන්තොට යන දිස්ත්‍රික්වල පීඩාවට පත් පවුල් සංඛ්‍යාව තිස්නවදහස් පන්සිය විසිදෙකක්.
පුද්ගලයින් එක්ලක්ෂ පනස්හතරදහස් හත්සිය අසූදෙකකට බලපෑම් එල්ල වී ඇති අතර ආරක්ෂිත ස්ථානවල රදවා ඇති සංඛ්‍යාව දසදහස් තුන්සිය හැටඑක්දෙනෙක්. දිස්ත්‍රික් 8කට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇගවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.
කොළඹ / ගාල්ල / ගම්පහ / කළුතර / කෑගල්ල / කුරුණෑගල / නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙම අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. මේ අතර කළු / ගිං / නිල්වලා / කැලණි සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් ගංවතුර අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
පවතින වැසි සහිත කාලගුණයත් සමග පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීම සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය හරහා ත්‍රිවිධ හමුදා කණ්ඩායම් යොමුකර තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයේ කණ්ඩායම් තුනක් හා රත්නපුර දිස්ත්‍රික්කයට එක් කණ්ඩායමක් අනුයුක්ත කෙරුණා. කළුතර නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලගණ පුහුණු ඒකකය ද සුදානම් කර තිබෙනවා.
එමෙන්ම අවශ්‍යතාවට අනුව බෝට්ටු යෙදවීමට ද පියවර ගෙන තිබෙනවා.
හදිසි ආපදා තත්ත්වයන් පිළිබද දැනුම්දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ඇමතුම් මැදිරිය අඛණ්ඩව ක්‍රියාත්මකයි.
තොරතුරු දැනුම් දීම සදහා එම මධ්‍යස්ථානය තවත් දුරකතන අංක කිහිපයක් හදුන්වාදී තිබෙනවා. (0112136136 / 0112136222 / 0112670002)