දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබු සීග්රග්රාමී දුම්රියේ පිටුපසේ එන්ජිමේ කොටසක් ගිනිගෙන තිබෙනවා.
කළුතර දුම්රිය ස්ථානයේ නිලධාරීන් සහ නියාමකවරුන්ගේ මැදිහත්වීමෙන් ගින්න පාලනය කිරීමට හැකිවු බවයි වාර්තා වන්නේ.
ගින්න නිවීම සඳහා කළුතර නගර සභාවේ ගිනි නිවන ඒකක ද කැඳවනු ලැබුවා.
ගින්නෙන් දුම්රියට බරපතළ හානි සිදුව නැති අතර මේ වන විට එය කළුතර දුම්රිය ස්ථානයේ නතර කර තිබෙනවා.
මේ අතර කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සිදුවු දුම්රිය පිළීපැනිමක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා.
මඩකලපුව සිට කොටුව බලා ධාවන වු මීනගයා දුම්රියයි පිළිපැනීමට ලක්වුණේ.