බත්තරමුල්ල ප්රදේශයේ දෙමහල් නිවසක නවාතැන්ගෙන සිටි තරුණියක් එම නිවසේ උඩතට්ටුවෙන් වැටී මිය ගොස් ඇති බව තලංගම පොලිසිය පවසනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ නිවිතිගල, ගාල්ලගේ මණ්ඩිය පදිංචි 30 හැවිරිදි තරුණියක්.
ඇය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරිවරියක් ලෙස සේවය කර තිබෙන අතරය තවත් මිතුරියක් සමග බත්තරමුල්ල ප්රදේශයේ නවාතැන්පළක නවාතැන්ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම තරුණිය සමඟ සිටින මිතුරිය නාන කාමරයේ සිටින අවස්ථාවකදී මිය ගිය තරුණිය කුස්සියේ රාත්රී ආහාර පිළියෙල කරමින් සිට ඇති අතර එක්වරම ඇය කෑ ගසන හඬ නාන කාමරයේ සිටි තරුණියට ඇසී ඇති බවයි වාර්තා වන්නේ.
නාන කාමරයෙන් ඉවතට පැමිණ බැලූ මිතුරිය දැක ඇත්තේ නවාතැන පසුපස තිබූ අනාරක්ෂිත ස්ථානයකින් පහළට වැටී සිටි ඇයගේ මිතුරියයි
ඉහළ මහලෙන් සෘජුවම පහළට නිරාවරණය වන එම අනතුරුදායක ස්ථානයේ කලක සිට කිසිදු බැම්මක් හෝ ආවරණයක් තිබී නොමැති බවද සඳහන්
වහාම 1990 ගිලන්රථයක් ගෙන්වාගෙන හංසනී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන්නට නිවැසියන් කටයුතු කර තිබුණා
කොළඹ ජාතික රෝහලේ පැවති පශ්චාත් මරණ කටයුතුවලින් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදීම සිදු කරනු ලබනවා.