පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (14) දින පස්වරු 4.00 සිට හෙට (15) දින පස්වරු 4.00 දක්වා ප්රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 1වන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් ලෙස ගාල්ල දිස්ත්රික්කයේ යක්කලමුල්ල, ඉමදූව සහ නියාගම
කළුතර දිස්ත්රික්කයේ බේරුවල ප්රදේශයද
කෑගල්ල දිස්ත්රික්කයේ ගලිගමුව,
කුරුණෑගල දිස්ත්රික්කයේ පොල්ගහවෙල, නාරම්මල සහ අලව්ව යන ප්රදේශ වලටත්
නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව සහ
රත්නපුර දිස්ත්රික්කයේ කහවත්ත, විවෘතනායක, නිවිතිගල සහ පැල්මඩුල්ල යන ප්රදේශ සඳහා නායයෑම් අනතුරු නිකුත් කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරනවා.
එමෙන්ම 2 මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් ලෙස
කොළඹ දිස්ත්රික්කයේ පාදුක්ක සහ සීතාවකද, ගාල්ල දිස්ත්රික්කයේ ඇල්පිටිය, නාගොඩ, නෙළුව, බද්දේගම, වඳුරඹ සහ තවලම
ගම්පහ දිස්ත්රික්කයේ අත්තනගල්ල ප්රදේශය සහ
කළුතර දිස්ත්රික්කයේ හොරණ, මතුගම, පාලින්දනුවර, වලල්ලාවිට, බුලත්සිංහල, දොඩංගොඩ, ඉංගිරිය සහ අගලවත්ත
කෑගල්ල දිස්ත්රික්කයේ මාවනැල්ල, කෑගල්ල, දෙහිඕවිට, යටියන්තොට, බුලත්කොහුපිටිය, අරණායක, රුවන්වැල්ල, වරකාපොල සහ දැරණියගල යන ප්රදේශ වලටත් නායයෑම් අනතුරු නිකුත් කර ඇති බවයි එම නිවේදනය සඳහන් වන්නේ.