දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නිවාඩු ලබා දීමේදී පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්යක්ෂ විසින් අවශ්‍ය තීරණ ගන්නා ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙන්නේ.
වර්තමානයේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු සමග සාකච්ඡා කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.