ගම්පහ බඩල්ගම ප්රදේශයේ කාබන් කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් එක් අයෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලැබුවා.
කර්මාන්ත ශාලාවේ බොයිලේරුව අධික ලෙස රත්වීමෙන් මෙම පිපිරීම සිදුව ඇති බවටයි පොලීසිය සැක පළකරන්නේ.
තුවාලකරුවන් මීගමුව සහ කොළඹ රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.