එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හමුවක් හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
හෙට උදෑසන 9.30ට මෙම සාකච්ඡාව මැතිවරණ කොමිෂන් සභා පරිශ්රයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණය ප්රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාව හමුවන පළමු අවස්ථාව ද මෙය වනවා.
ඒ අනුව හෙට දිනයේ දී එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි අවම මුදල තීරණය කිරීමට ද නියමිතයි.
ඉන් අනතුරුව ඊට අදාළ ගැසට් පත්රය නිකුත් කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරනවා.