මුහුද රළු වීමෙන් වයඹ මුහුදු තීරයේ වෙරළ ඛාදනය උග්ර අතට හැරී තිබෙනවා.
අධික වර්ෂාව හා තද සුළං හේතුවෙන් මුහුද රළු වී තිබෙනවා.
වයඹ මුහුදු තීරයේ ප්ර දේශ ගණනාවක් වෙරළ ඛාදනයට ලක්වෙමිනුයි පවතින්නේ.
වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ තොඩුවාව හා ඉරනවිල වෙරළ තීරයන්ට බවයි ආපදා කළමනාකරණ නිලධාරීන් පවසන්නේ.
නිවාස රැසක් කැඩීයාමේ තර්ජනයට ද ලක්ව ඇති අතර තාවකාලික ධීවර වාඩි රැසක්ද විනාශ වී තිබෙනවා.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිකර තිබූගල්වැටි ද විනාශ වෙමින් පවතින අතර ධීවර යාත්රා ගාල් කිරීමට නොහැකිව ධීවරයින් ද දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිනවා.