මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,494 දෙනෙකු වාර්තාවී තිබෙනවා.
පවතින වැසි සහිත කාලගුණයත් සමග මේ තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවයි වසංගත රෝග විද්‍යා ආයතනය පවසන්නේ.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර, එම සංඛ්‍යාව 17,159 ක්.
එහිදි කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 10,150 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.