අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබෙනවා.
ඒ සමාගම් පනත යටතේ ලියාපදිංචි කර තිබෙන සියලු ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමටයි.
ඒ අනුව නිර්ණායක හතක් යටතේ මෙම පාසල් ශ්‍රේණිගත කිරීමට අදාළ ප්‍රතිපත්ති රාමුව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවෙන් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දී ඇති බව සඳහන්.
පරිපාලනය හා කළමනාකරණය, දරුවන් වෙනුවෙන් වන පහසුකම් හා ඉගෙනුම් පරිසරය, විෂය මාලා කළමනාකරණය, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය, තක්සේරුකරණය හා ඇගයීම්, පාසල සමග මව්පියන් ඇතුළු ප්‍රජාවගේ සම්බන්ධතාව සහ සෞඛ්‍ය ක්‍රියාවලිය එම නිර්ණායක වේ.
පාසල් ශ්‍රේණිගත කෙරෙන්නේ මෙම නිර්ණායක සඳහා දෙන ලකුණු ක්‍රමයක් අනුවයි.
කෙසේ වෙතත්, මෙහිදී ගුරු මණ්ඩලවල අධ්‍යාපන සුදුසුකම් ද සොයා බලන බව සඳහන් වනවා.