නිකරගුවාව ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දමා තිබෙනවා.
ඒ යුදමය තත්ත්වයට විරෝධය පළ කරමින්.
මෙම ගැටුම් ජන සංහාරයක් ලෙස සලකමින් තමන් ඊශ්‍රායලය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අතහැර දමන බව නිකරගුවා රාජ්‍යය පවසනවා.
නිකරගුවාවේ උප ජනාධිපති රොසයිරෝ මුරිල්ලෝ එරට රාජ්‍ය මාධ්‍ය වෙත මෙම පියවර නිවේදනය කළා.
ඒ ඔක්තෝබර් 7 වන දා ගාසා යුද්ධයේ වසරක සංවත්සරයෙන් පසු මෙම ක්‍රියාමාර්ගය ගත යුතු යැයි ඉල්ලා සිටින යෝජනාවක් එරට කොන්ග්රසය සම්මත කිරීමෙන් පසුවයි.
නිකරගුවා ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගාගේ බිරිඳ වන මුරිලෝ පැවසුවේ, ඊශ්‍රායලයේ ෆැසිස්ට් හා ජනඝාතක රජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවත්වන ලෙස තම සැමියා රජයට උපදෙස් දුන් බවයි.