සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා.
ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පවසා සිටියේ, ගම්පහ දිස්ත්රික් සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව, තමා ගම්පහ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර එක්සත් ජාතික පක්ෂ සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ මහතා පත් කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය ගනු ලැබූ අධූරදර්ශී ක්රියාවට විරෝධය පළ කරමින් මෙවර මැතිවරණ සටනින් ඉවත්වන බව ඔහු එහිදී කියා සිටියා.