ලෙබනනයේ නාකුරා ප්‍රදේශයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ස්ථාන ගතව සිටි ප්‍රදේශය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කළ කාල තුවක්කු ප්‍රහාරය ශ්‍රී ලංකා රජය දැඩි ලෙස හෙළා දකින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.
පෙරේදා දිනයේ එල්ල කළ මෙම ප්‍රහාරයෙන් ලෙබනනයේ සාම සාධක හමුදා රාජකාරියේ නිරතව සිටි ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් දෙදෙනෙකු තුවාල ලැබුවා.
තුවාල ලැබු මෙම හමුදා සාමාජිකයන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය මෙන්ම ප්‍රතිකාර පිළිබඳ බේරුට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂයෙන් සොයා බලා තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරීයේ නිරත සියලු නිලධාරීන්ගේ සේවය අගය කරන බව ද නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.
එමෙන්ම ලෙබනනයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ තානාපති කාර්යාලය අවදානයෙන් පසුවන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.