ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයට අනුයුක්තව, ශ්‍රී ලංකාවේ ප්‍රංශ නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන්, Dang Khoa BUI අද (11) දින නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා හමුවී තිබෙනවා.
මෙම නිල හමුවේදී නාවික හමුදාපති සහ ප්‍රංශ නාවික උපදේශක අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක් පැවැත්වීමෙන් අනතුරුව, නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාපති විසින් සමරු තිළිණයක් ප්‍රධානය කිරීමද සිදු කෙරුණා.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිගේ නාවික සහයක රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ සමුද්‍රීය ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමාණ්ඩර් Jean-Baptiste TROUCHE ද සහභාගී වුණා.