කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ උතුවන්කන්ද වලකඩයාව ප්රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලැබුවා.
කෑගල්ලේ සිට මාවනැල්ල බලා ධාවනය කෙරෙමින් තිබූ බස් රථයක පිටුපස පානදුර සිට මහනුවර බලා ධාවනය කෙරෙමින් තිබූ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.
තුවාලකරුවන් මාවනැල්ල හා කෑගල්ල රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලිසිය සදහන් කරන්නේ.
පානදුර සිට ධාවනය කළ බස් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වනවා.