මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (11) දින අලුයම සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් දෛනික ජන ජිවිතයට බාධා පැමිණ තිබෙනවා.
පවතින අධික වර්ෂාවත් සමග හැටන් ඇතුළු කඳුකර ප්‍රදේශවල අදුරු කාලගුණ තත්ත්වයක් සමග අධික සීතලක් බවයි සඳහන් වන්නේ.
වර්ෂාවත් සමග හැටන් නුවරඑළිළිය ප්‍රධාන මාර්ගයේ කොටගල සිට නානුඔය දක්වා ඝන මීදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
පවතින අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බවද ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා.