ධීවර බලපත්ර නොමැතිව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හතර දෙනෙකු සමඟ ඩිංගි යාත්රාවක් හා ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ශ්රී ලංකා නාවික හමුදාව, ත්රිකුණාමලය අරිසිමලේ ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ කළ මෙහෙමයුමකදී ඔවුන් එලෙස භාරයට ගෙන තිබුණා.
මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 ත් 27 ත් අතර වයසේ පසුවන කුච්ච්වේලි ප්රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම සැකකරුවන් හතර දෙනා , ඩිංගි යාත්රාව සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ .