ශ්රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවුණා.
මෙම හමුවේදී මහ කොමසාරිස් එලියස් මහතා විසින් ජනාධිපතිවරණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ජයග්රහණය පිළිබඳව සිය සුබපැතුම් එක් කළ අතර බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්රධානී මුහම්මද් යුනුස් මහතාගේ සුබපැතුම් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිරිනැමුවා.
මෙහිදී ජනාධිපතිවරයා සහබංග්ලාදේශ මහ කොමසාරිස්වරයාදෙරට අතර පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා.
බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති දිසානායක මහතා බංග්ලාදේශය තුළ ශ්රී ලංකාවේ ආයෝජන සිදු කිරීම සහ එහි සේවය කරන සැලකිය යුතු තරම් වූ ශ්රී ලාංකික ශ්රම බලකාය පිළිබඳව ද මෙහි දී විශේෂයෙන් සාකච්ඡා කළා.
තව ද දෙරට අතර වන ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරුණා.
එසේම වෙළෙඳ සහ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම අරමුණු කරගෙන ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින වරණීය වෙළෙඳ ගිවිසුම (PTA) ශක්තිමත් කරගැනීම සඳහා කටයුතු කරන බවට ද ජනාධිපතිවරයා සහ මහකොමසාරිස්වරයා මෙම සාකච්ඡාවේදී සහතික වුණා.
දෙරට අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමටත්, දෙරට අතර විවිධ අංශයන්හි සහයෝගීතාව පුළුල් කරගැනීමටත් මෙම හමුවේදී විශේෂඅවධානය යොමු වුණා.