ලෙබනනය වෙත ගුවන් තැපෑල ලිපි භාර ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
පවතින යුධ වාතාවරණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අතර මැද පෙරදිග රටවල් සඳහා වන තැපැල් සේවා ප්රමාදයන්ට ලක්විය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් මහජනතාවට දනුම්දෙනවා.