වසර 100කට පසු ඇමරිකාවට දැඩි බලපෑම් එල්ල කළ හැකි බවට සඳහන් මිල්ටන් සුළි කුණාටුව ෆ්ලොරිඩාවට ඇතුළු වී තිබෙනවා.
අතිශයින්ම භයානක හා ජීවිත හානි රැසක් සිදුවියහැකි බවට අනතුරු අඟවා ඇති මිල්ටන් සුළි කුණාටුව ෆ්ලොරිඩාවේ සියෙස්ටා කී ප්‍රදේශයට කඩා වැදී තිබෙනවා.
ඇමරිකා ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසන්නේ එය තුන්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස වර්ධනය වී ඇති බවයි.
මෙමගින් දැඩි සුළං හා හදිසි ගංවතුර ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මිලියන ගණනක පිරිසක් ආරක්ෂිතව ඉවත් කිරීමට ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් පියවර ගත්තා.
ටොනේඩෝ හා කුණාටු අනතුරු ඇඟවීම් ද ක්‍රියාත්මකයි.
ෆ්ලොරිඩා, ජෝර්ජියා, දකුණු කැරොලිනා, ටෙනසි, වර්ජිනියා සහ උතුරු කැරොලිනා හරහා හමාගිය හෙලේන් චණ්ඩ මාරුතයෙන් සති 2කට පසුව මෙය පැමිණීම විශේෂත්වයක්.
පුද්ගලයන් 225 දෙනෙකු එම චන්ඩ මාරුතයෙන් ජීවිතක්ෂයට පත් වුනා.