ප්රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වදින බව පවසනවා.
කමල් අද්දරආරච්චි මහතා සමග පාර්ශව කිහිපයක් ඉදිරි මහ මැතිවරණය සඳහා උවිඳු විජේවීර මහතා නායකත්වය දරන දෙවැනි පරපුර යටතේ තරඟ වැදීමට ගිවිසුම් ගත වුනා.
අනුර කුමාර ජනපතිවරයාට බහුතර ආණ්ඩුවක් හදා දේවි යැයි තමා විශ්වාස කරන හෙයින් වැරදි පෙන්වා දිය හැකි ශක්තිමත් විපක්ෂයක් ගොඩනගා ගැනීම මේ අවස්ථාවේදී ඉතා වැදගත් බව කමල් අද්දර ආරච්චි මහතා සඳහන් කළා.