හැටන් දික්ඔය නගර සභාව මගින් හැටන් බස් නැවතුම්පොළ භූමියේ පවත්වාගෙන යන පොදු වැසිකිළියේ මළ ද්‍රව්‍ය එක්රැස්වන වළ පිරී පිටාර ගැලීම නිසා එම අපද්‍රව්‍ය බස් නැවතුම්පොල භූමිය පිටුපසින් තිබෙන කාසල්රි ජලාශයට වැසි ජලය ගලා බසින කාණු පද්ධතිය ඔස්සේ ගලා බසින බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරනවා .
මේ හේතුවෙන් බස් නැවතුම්පොල භූමියේ සෞඛ්‍ය ගැටළු රැසක් මතු වී ඇති බවත්, බස් නැවතුම්පොල භූමිය පුරා දැඩි දුගන්ධයක් හමන බවත්, මගීන් ඇතුළු බස් නැවතුම්පොළට පැමිණෙන පිරිස් චෝදනා කර සිටිනවා.
හැටන් බස් නැවතුම්පොළට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට බස් රථ ගණනාවක් පැමිණෙන අතර, එම බස් රථවලින් පැමිණෙන මගී ජනතාව සහ බස් නැවතුම්පොළට අවට ව්‍යාපාර සිදු කරන ප්‍රජාවට භාවිත කිරීමට ඇති එකම පොදු වැසිකිළියද මෙය බවයි එම පිරිස ප්‍රකාශ කර සිටින්නේ .
වැසි දිනයන්හි මෙම තත්ත්වය දැඩිව බලපාන බවත්, එම දිනයන්හි කාණු පද්ධතිය ඔස්සේ ගලා යන මළ ද්‍රව්‍ය බස් නැවතුම්පොළ භූමිය පුරා ගලා යන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා .