නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනා රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ ස්මාර්ට් ජංගම දුරකථන 152 ක් , ටැබ් පරිගණක 05 ක් , විවිධ වර්ගයේ විස්කි බෝතල් 38 ක් , විද්‍යුත් දුම්වැටි 44 ක් සහ දුම්වැටි තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.