කොරියා ජනරජයේ ශ්රී ලංකා තානාපතිනී මියෝන් ලී මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වුණා.
ජනාධිපති කාර්යාලයේ පැවති මෙම හමුවේදී කොරියා ජනාධිපති යුන් සුක් යෙයෝල් මහතාගේ සුබපැතුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පිරිනැමීමට ද කටයුතු කෙරුණා.
ඩිජිටල්කරණය ,දේශගුණික විපර්යාස , පුනර්ජනනීය බලශක්ති යන ක්ෂේත්ර සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීම කොරියාවේ අපේක්ෂාව බවයි තානාපතිනී මියෝන් ලී මහත්මිය ජනාධිපතිවරයා හමුවේ කියා සිටියේ.
මෙරට ආයෝජන නැවත ආරම්භ කිරීමට කොරියානු සමාගම් කැමැත්තෙන් පසුවන බව ද පෙන්වා දුන් කොරියා තානාපතිනිය ආයෝජන ආකර්ෂණයට ශ්රී ලංකා රජය විධිමත් ප්රතිපත්ති පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද සිය සතුට පල කළා.