දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08) දින දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇළකට වැටී දියේ ගිලීමෙන් මියගොස් ඇති බව දංකොටුව පොලිසිය පවසනවා .
මෙසේ මියගොස් ඇත්තේ අනන්යා පාරමී නැමති සිව්හැවිරිදි දියණියක්.
මිත්තණිය විසින් මෙම මියගොස් ඇති දියණියට නෑම සඳහා වතුර උණු කිරීමට ගිය අවස්ථාවේ යෝගට් එකක් කමින් සිටි දැරිය නිවස පිටුපසින් ගලා බසිනා ඇළට වැටී ඇති බවටයි පොලිසිය සැක කරන්නේ .
මියගිය දැරියගේ මව සහ පියා මෙම සිද්ධිය වන අවස්ථාවේ නිවසේ සිට නොමැති බවත් පොලිසිය වැඩිදුරටත් ප්රකාශකර සිටින්නේ .
දංකොටුව පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.