පිළියන්දල මඩපාත ප්රදේශයේ නිවසක් පිටුපස තිබූ වැටමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදී ගස මතදීම මියගොස් ඇති බව කැස්බෑව පොලිසිය පවසනවා .
මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර යසසිරිපුර අංක 283 හි පදිංචි පැලපිටියගේ පියතිස්ස නමැති (63) හැවිරිදි විවාහක පෙදරේරුවෙක් .
සිදුවීම සම්බන්දයෙන් කැස්බෑව පොලිසිය විමර්ශන සිදුකරනවා .