කාසල්රි ජලාශයට වැටී ගිලෙමින් සිටි තරුණයෙකු බේරා ගැනීමට ජලාශය ආසන්නයේ පිහිටි සංචාර නිකේතනයක කළමණාකරුවෙකු (08) දින සමත්වී තිබෙනවා.
සංචාරක නිකේතනය අසල පිහිටි කාසල්රි ජලාශය දෙසින් කෑගසන ශබ්දයක් ඇසී ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට තමන් ජලාශය අසලට ගිය අවස්තාවේ ජලාශයේ තරුණයෙකු ගිලෙමින් සිටි බවත්, තමන් ජලාශයට පැන ගිලෙමින් සිටි
තරුණයා බේරා ගත් බවත් ඔහු ප්රකාශ කළා.
ඉන් අනතුරුව නොර්වුඩ් පොලිසියේ සහ ප්රදේශවාසින්ගේ සහය ඇතිව තරුණයා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කල බවයි සංචාරක නිකේතනයේ කලමණාකරු රංජිත් සිල්වා මහතා කියා සිටියේ.
කාසල්රි ජලාශය අසල මාළු ඇල්ලීමට සහ දිය නෑමට ඇතැම් පිරිස් පැමිණෙන බවත්, එම තරුණයා මාළු ඇල්ලීමට පැමිණ ජලාශයට වැටෙන්නට ඇති බවට තමන් සැකකරන බවයි කලමණාකාරවරයා කියා සිටියේ.