තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු (08) දින මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
මෙසේ බඹර ප්‍රහාරයට ලක් වි තුවාල ලබා ඇත්තේ මස්කෙළිය පොලිස් වසමට අයත් හපුගස්තැන්න වතුයායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකටයි.
තේ වත්තේ ගසක බැඳ තිබු බඹර කුඩුවකට උකුස්සෙකු පහර දීමෙන් ඇවිස්සුණු බඹරුන් තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන්ට පහර දි ඇති බවයි මස්කෙළිය පොලිසිය පවසන්නේ.
රෝහල් ගත කළ වතු කම්කරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව මස්කෙළිය රෝහලේ වෛද්‍යවරයෙකු පවසනවා.