නෙළුම් කුළුනෙන් ඇද වැටී මිය ගිය බව පැවසුන සිසුවිය ඉන් පැන සියදිවි හානි කරගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.
කොළඹ ජාත්‍යන්තර පාසලක 11 වන වසරේ ඉගෙනුම ලැබු මෙම සිසුවිය පාසල නිමවීමෙන් අනතුරුව නෙළුම් කුළුන වෙත පැමිණ තිබෙනවා.
එහි 29 වන මහල දක්වා ගමන් ගත් ඇය ඉන් පැන සියදිවි හානිකර ගෙන ඇති බවයි පොලිස් විමර්ෂණවලදී තහවුරු වී ඇත්තේ.
මෙම සිසුවිය මීට මාස කිහිපයකට පෙර කොම්පඤ්ඤවීදිය මහල් නිවාස සංකීර්ණයකින් පැන සියදිවි හානිකර ගත් පාසල් සිසුවාගේ හා සිසුවියගේ මිතුරියක වනවා.
ඇය දැඩි මානසික පීඩනයකින් පෙලුනු බවයි ඇයගේ පියා පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.