ඊශ්රායල ගාසා යුද්ධය ඇතිවී වසරක් ගත වූ ඊයේ දිනයේ දී පමණක් ගාසා තීරයේ 77දෙනෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.
ඊශ්රායල හමුදා ගාසා තීරයේ ප්රදේශ කිහිපයකට එල්ල කළ ප්රහාර වලින් මොවුන් මියගොස් තිබෙනවා.
මේ අතර ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඊශ්රායලයේ හයිෆා වරාය නගරයට හා ටෙල් අවිව් අසල හමුදා කඳවුරකට මිසයිල ප්රහාර එල්ල කළා.
එම ප්රහාර වලින් සැලකිය යුතු හානියක් සිදුව තිබෙනවා.
ඊශ්රායල හමුදාව පැවසුවේ තමන් ඊට ප්රතිචාර ලෙස ලෙබනන් අගනුවරට දිගින් දිගටම පහර දෙන බවයි.
බේරූට් හි හිස්බුල්ලා බුද්ධි මූලස්ථානයකට පහර දුන් බවයි ඊශ්රායලය වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර දකුණු ලෙබනනයෙන් ඉවත් වන ලෙස ජනතාවට නියෝග කිරීමට ඊශ්රායල හමුදා කටයුතු කළා.
2023 ඔක්තෝම්බර් මාසයේ සිට ගාසා තීරයට එල්ල කරන ඊශ්රායල ප්රහාර වලින් පුද්ගලයින් 41,909 ක් මිය ගොස් 97,303 ක් තුවාල ලබා සිටිනවා.