සර්වජන බලය සන්ධානය පදක්කම ලකුණෙන් මෙවර මහ මැතිවරණයට තරග කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (07) පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙරට ප්‍රධාන විපක්ෂයේ භූමිකාව කිරීමේ අවස්ථාව ලබා දෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඔහු අවධාරණය කළා.
අග්‍රාමාත්‍යධුරය අනිවාර්යයෙන්ම ජාතික ජනබලවේගය ලැබීය යුතු බවත්, පක්ෂ දෙකකින් ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු පත්වූවහොත් රට අස්ථාවර වනු ඇති බවත් උදයගම්මන්පිළ මහතා පෙන්වා දෙනවා.