මේ මස 26වනදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධව මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව, කායික දුබලතාවයෙන් යුතු පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලුම් කළ හැකි ආකාරයයි එයින් පැහැදිලි කර ඇත්තේ .
ප්‍රවාහන පහසුකම් අවශ්‍ය පුද්ගලයින් ලබන 19වනදාට පෙර අදාළ ඉල්ලීම සිදුකළ යුතු බවද නිවේදනයේ සඳහන්.
මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා.