අධිවේගී මාර්ගයේ ජාඇළ හුවමාරුව අසල වගුරු බිමක තිබී අද (07) පෙරවරුවේ පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා .
මියගොස් ඇත්තේ ජාඇළ ප්රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පොලිස් නිලධාරියෙක් .
ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇති බවයි වාර්තා වන්නේ .
සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා .