ද්වීපාර්ශ්වික වෙළද සබදතා ශක්තිමත් කර ගැනීමේ අරමුණෙන් තායිලන්තයේ ශ්රී ලංකා තානාපතිනි විජයන්ති එදිරිසිංහ මහත්මිය තායි වාණිජ මණ්ඩලයේ සහ වෙළද මණ්ඩලයේ සභාපතිවරයා හමුවුණා.
ශ්රී ලංකාවට ආයෝජන නියෝජිත කණ්ඩායමක් යොමුකරන ලෙස මෙම හමුවේදී තානාපතිවරිය ඉල්ලා තිබෙනවා.
ඊට ප්රතිචාරයක් ලෙස ලබන වසරේ දී තායිලන්ත වාණිජ මණ්ඩලයේ සහ වෙළද මණ්ඩලයේ නියෝජිත පිරිසක් ශ්රී ලංකාවට පැමිණෙන බව තහවුරු කෙරුණා.
ශ්රී ලංකා තායිලන්ත නිදහස් වෙළද ගිවිසුමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරුණා. ආයෝජන මෙන්ම වෙළද ක්ෂේත්රයේදී දෙරටේ සහයෝගීතාව සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.